Beauty | Life | Joy

Rhinoplasty

nasal bones

උපතින්ම හෝ කිසියම් අනතුරක් නිසා නාසය බාහිර පෙනුම අවලක්ෂණ වී තිබීමට පුළුවන.

මේ සඳහා ප්ලාස්ටික් සැත්කම් මගින් ඉතා සාර්ථකව නිවැරදි කල හැකියි.

නාසය බාහිර පෙනුම කෙනකුගේ රූ සපුවට බලපාන්නෙ කෙසේද ?


නාසය මුහුනේ ඇති අවධානය යොමු වන ප්‍රධානතම අවයවයකි. සුන්දර නාසයක් පිහිටීම කෙනකුගේ රූපලාවන්‍යය බෙහෙවින් වැඩි කරයි. නාසය ප්‍රධාන වශයෙන් මුහුණේ ස්වභාවයට සහ ප්‍රමාණයට ගැලපීම වැදගත් වේ. කුඩා ප්‍රමාණයේ මුහුණකට විශාල පළල් නාසයක් තිබීම අවලස්සන ස්වභාවයක් පෙන්නුම් කරයි. නාසයේ ප්‍රමාණය ගැන කතා කිරීමේදී එහි දිග, පළල සහ උස ගැන සිතීම වැදගත්. එම ප්‍රමාණ වල අනුපාතය ගැලපෙන ආකාරයෙන් තිබිය යුතුය.

එසේම නාසයේ මුදුන (Dorsum of nose) තියුණුව (Sharp) සහ කෙලින්ව (strait) තිබීම වැදගත්. එය වක්‍රව උඩට නෙරා තිබීම හෝ පැතලි ස්වභාවය ගැනීම මගින් අවලක්ෂණ කරයි. එපමණක් නොව නාසයේ කෙළවර හෙවත් නාසික අග්‍රය (Tip of the nose) තියුණුව ඉදිරියට නෙරා තිබීම ලස්සන නාසයක් ලෙස හැඳින්වේ. එලෙසම නාස් පුඩුවේ (nasal orifice) ප්‍රමාණය මුහුණේ පළලට සහ තොල් දෙකේ ප්‍රමාණයට ප්‍රමාණාත්මකව ගැලපිය යුතු වේ.


නාසය අවලස්සන ස්වභාවය ප්ලාස්ටික් සැත්කමක් මගින් සකස් කරන්නේ කෙසේද ?
මෙවැනි සැත්කම් නිවැරදිව සිදු කිරීමට පුහුණුව ලබා ඇත්තේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් පමණි. මෙය තරමක් සීරුවෙන් සිදු කළ යුතු සියුම් සැත්කමක්. මෙහිදී පිටතට කැලලක් නොපෙනෙන ලෙස සූක්ෂමව නාසය ඇතුලත බිත්තියෙන් දමන කැපුමක් මගින් නාසය කාටිලේජ ව්‍යුහය නිරාවරණය කෙරෙන අතර ඉන්පසුව නාසයේ අවලක්ෂණ ස්වභාවය නැති කොට නිවැරදි හැඩය ප්‍රතිනිර්මාණය කරයි.

 

නාසයේ කුමන කොටස්වලට මෙම සැත්කම් සිදු කළ හැකිද ?

පෙර පැවසූ පරිදි නාසය අලංකාර වූ පෙනුම ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතු අංග කීපයක් ඇත. පළමු අංගය වන්නේ නාසය මුදුනට (dorsum of nose) සමහරුන්ගේ උසට වක්‍රවී වූ නාසයක් ලෙස පෙනීමට පුළුවන (dorsal hump deformity) එම ස්වභාවය සාර්ථක ලෙස නිවැරදි කළ හැකියි. මෙහිදී නාසය අස්වාභාවිකව උඩට නෙර ඇති කොටස ඉවත්කොට සෘජු නාසික මුදුනක් ඇතිකරයි.

ශ්‍රී ලංකාවේ බොහෝ අයගේ නාසය මුදුනක අසාමාන්‍ය ලෙස පැතලියි හෝ ඇතුළට එබුණු ස්වභාවයක් (saddle nose deformity) පවතී. මෙම තත්ත්වය ඇති කෙනෙකුගේ පක්ෂ කූඩුවේ (rib cage) සුදුසු තැනකින් ලබා ගන්නා කාටලේජ එම පැතලි වුණා නාසයේ මුදුනතට විශේෂ ක්‍රම මගින් ඇතුළු කිරීමෙන් එම තත්ත්වයට ප්‍රතිකාර කළ හැකියි. එමගින් පැතලි වූ නාසය උස් වූ සෘජු අලංකාර නාසයක් බවට පත් කළ හැකියි.

මීට අමතරව නාසික අග්‍රය පැතලි ස්වභාවයක් ගැනීමත්, නාසයේ මැද බිත්තියේ ඇති යම්කිසි ඇද වූ ස්වභාවයන් නිවැරදි කිරීමත් කළ හැකියි. මේ සඳහා නාසයේ මැද බිත්තියෙන් ලබාගන්නා කාටිලේජ ඉතා සූක්ෂම ලෙස නාසයේ මැද බිත්තිය කෙලින් කිරීමටත්, නාසික අග්‍රය අලංකාර ලෙස ඉදිරියට නෙරා එන ලෙස සැකසීමටත් යොදාගත හැකියි.

 

මෙම සැත්කම් සඳහා කෘත්‍රිම ප්ලාස්ටික් කොටස් භාවිතා කරන්නෙ නැද්ද ?

බොහෝ දෙනා විශ්වාස කරන්නේ ප්ලාස්ටික් සැත්කම් යනු ප්ලාස්ටික් සිරුරට ඇතුල් කර සිදු කරන සැත්කම් ලෙසයි. සත්‍ය වශයෙන්ම සිලිකෝන් වලින් සාදන ලද අවයව කොටස් භාවිතා කිරීමෙන් එම සැත්කම් කළ හැකියි. එහිදී ශරීරයේ පර්ශු කූඩුවෙන් කාටිලේජ ලබාගැනීම සිදු කරන්නේ නැත. නාසයේ මුදුනට, නාසය කෙළවරට සාදන ලද සිලිකෝන් (silicon) ඇතුළු කර නිවැරදි හැඩය ලබා ගනී. මෙය ඇතැම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සිදුකළත් දැනට ලෝකය මෙය ඉතා අඩුවෙන් සිදු කරන බව කිව යුතුයි. එයට හේතුව නම් කලක් යන විට නාසයේ හැඩය විකුර්ති විය හැකි නිසයි.

 

download

මෙම සැත්කම් වල වෙනත් අතුරු ආබාධ තිබේද ?

කෙනකුගේ ශරීරය කාටිලේජ ලබාගෙන කරන සැත්කම් වලින් අතුරු ආබාධ ඇතිවීම ඉතා දුර්ලභයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සිහි නැති කිරීමේ දී ඇතිවන අවදානම් තත්ත්වයන් නිසාම අඩු බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

සැත්කමක් නොකර නාසය පෙනුම වර්ධනය කළ හැකි ද?
ඇත්තෙන්ම මෙය කළ හැකියි. දැනට මුහුණේ පෙනුම වෙනස් කිරීමට filers හෙවත් පිරුම් භාවිතා කෙරෙයි. මේ කෘත්‍රිම ද්‍රව්‍යයක් නොවේ. අපේ ශරීරය ව්‍යුහාත්මක සංඝටකයක් (Hyaluronic acid) භාවිතා කෙරෙයි. මෙම fillers එන්නත් මගින් නාසය වැඩි දියුණු කළ යුතු ප්‍රදේශවලට එන්නත් කොට සාර්ථක ලෙස මෙය සිදු කළ හැකියි. එහෙත් එම සංඝටකය ශරීරයට කෙමෙන් අවශෝෂණය වී මාස හයක් (6) පමණ ගතව නැවත එන්නත් කිරීමට සිදුවේ.

Nose