Gyn 1.2
gyn 1.4

පුතාගේ පියයුරු අසාමාන්‍ය ලෙස විශාල වෙලාද ? Gynaecomastia

 
 
තරුණ පිරිමි ලමුන්ගෙ පියයුරු විශාල වීම හෙවත් ගයිනකෝමැස්ටියා (gynaecomastia ) තත්ත්වය වර්තමානයේ බොහෝ තරුණයන්ගේ මෙන්ම පාසල් යන වයසේ සිටින පිරිමි දරුවන්ගේ ද මානසික අසහනයට හේතු වී තිබේ. මෙම තත්වය නිසා බොහෝ පිරිමින් සමාජයේ ලජ්ජාජා වට භාජනයවේ. නාන තටාකයකට පවා යෑමට නොහැකි ලෙස අවලස්සන වේ. මෙය මානසික ගැටලුවක් බවට පත්වීමට පුළුවන. කෙසේ වෙතත් මෙම තත්වය සරල සැත්කමකින් සාර්ථකව සුවකළ හැක. මේ සඳහා රෝහල් ගත වී නැවතී සිටීමට අවශ්‍ය නොවේ. උදේ රෝහලට පැමිණ සවස ගෙදර යා හැක. එමෙන්ම පසුදින සිට වැඩට යාහැක. එමනිසා ඔබගේ උඩුකය නිරාවරණය කිරීමට තවදුරටත් ලජ්ජාජ විය යුතු නැත.
 
 

FAQs

Here are some frequently asked questions.

ඇතැම් පිරිමි ළමුන්ගෙ පියයුරු විශාල වීම සිදු වන්නේ ඇයි ?

පියුරු වල වර්ධනය ක්‍රම දෙකකට සිදුවේ.
1. පියයුරු පටක වැඩිපුර වර්ධනය නිසා 
2. වැඩිපුර මේදය තැන්පත්වීම නිසා යන කාරනා දෙක නිසයි.
 
ස්වාභාවිකවම මෙම තත්වය ළදරුවෙක් ඉපදුන ගමන්ම තිබිය හැක. එයට හේතුව මවගේ කුසතුල සිටින විට මවගෙන් ලැබෙන ඊස්ට්‍රජන් (estrogen ) හෝමෝනය නිසයි. පිරිමි ළමයෙකු වැඩිවිය පැමිණෙන වයසේ සිටින විට සහ වයසට යන විට මෙම තත්ත්වය ඇතිවිය හැක. බහුලවම දක්නට ඇත්තේ සාමාන්‍ය ලෙස සිදුවන වර්ධනයේ අධි වර්ධනයකි. මෙහිදී රුධිරයේ ඇති හෝමෝන වල සිදුවන වෙනස් වීම් නිසා පියයුරු පටක සහ මේදය තැන්පත්වීම වැඩිවේ.
 
සෑම පිරිමි දරුවෙක්ම උපත ලබන විට පියයුරු පටක ඉතා සුළු වශයෙන් පිහිටා තිබෙනවා. පිරිමි දරුවකුගේ වර්ධනය සමග පියයුරු වල ඇති සැලකිය යුතු විශාල වීමක් ගැහැනු දරුවකුගේ මෙන් සිදු නොවේ. මීට හේතුව පිරිමි දරුවන් වැඩිවිය පැමිණීමත් සමග ශ්‍රාවය වන ටෙස්ටස්ටෙරෝන් (testosterone ) නැමැති හෝර්මෝනයයි. මීට අමතරව සෑම පිරිමි දරුවකුගේම ඊස්ට්‍රජන් (estrogen ) හෝමෝනයත් යම් මට්ටමකට පවතින අතර එහි ඇතිවන අසමතුලිතතාවය නිසා පියයුරු පටක වල වැඩිපුර වර්ධනයක් සිදුවිය හැකයි. 
 
ඉතාම කලාතුරකින් වෘෂණ කෝෂවල අසාමාන්‍යතාවයක්, වකුගඩු සහ අක්මාව රෝගී තත්ත්වයක් නිසා මෙය සිදුවිය හැකයි. ඇතැම් විට (prednisolone වැනි ) සමහර ඖෂධ කාලයක් භාවිතා කිරීමෙන් මෙම තත්වය ඇතිවිය හැක. නමුත් බොහෝවිට අප දකින්නේ ශරීරයේ ස්ථුලතාවය සමග මෙම තත්ත්වය ඇතිවන බවයි. මෙම තරුණ ළමුන් ස්ථුල බව අඩු කර ගත්ත ද පියයුරු වල ප්‍රමාණය නැවත යථා තත්ත්වයට පත් නොවේ.
 

ව්‍යායාම කරල හරි ගස්ස ගන්න පුළුන්ද ?

ව්‍යායාම මගින් ඇග අඩුකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. මේ සඳහා සැත්කමකට යොමු වීම අනිවාර්ය වේ.

සැත්කමට සුදුසු රෝගියෙක් හඳුනා ගන්නේ කෙසේද ?
 
නිරෝගී සහ මානසිකව ස්ථාවර ඕනෑම වයසක පිරිමියෙකුට මෙම සැත්කම සිදුකල හැකියි. ඇදෙන සුළු දැඩි සමක් සහිත පිරිමින්  හට හොඳම ප්‍රතිපල ලැබේ. එයට හේතුව නම් ඔවුන්ගේ ඇඟේ හැඩයට සම හැඩ ගැහෙන නිසයි. 
 
සැත්කමක් මගින් විශාල වූ පියයුරු නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නේ කෙසේද ?
ඒ සදහා පවතින සාර්ථකම සැත්කම වනුයේ මේද චුෂණ (liposuction ) මඟින් ඉවත් කිරීමයි. මෙහිදී පළමුව විශේෂිත දියරයක් විශාල වූ පියයුරේ මේද පටක වෙත එන්නත් කර පසුව විශේෂිත චූෂණ උපකරණයකින් මේදය ඉවත් කරනු ලැබේ. මෙහිදී යොදන කැපුම් ඉතාම කුඩා වන අතර පිටතට කැළලක් නොපෙනේ.
 
ඉතා විශාල වූ පියයුරු ග්‍රන්ථයක් ඇති විට මේද චුෂණ මඟින් ඉවත් කළ හැකිද ?
 
පියයුරු ග්‍රන්ථිය මේද චුෂණය මගින් ඉවත් කළ නොහැකියි. එය ඉවත් කළ හැක්කේ සියුම් ලෙස තනපුඩුව ඇතුළතින් ඇති කරන කැපුමක් තුළින් කපා ඉවත් කිරීමෙන් පමණි. එහිදී ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් නොකෙරේ. එසේ කළහොත් තන පුඩුව ඇතුළට ගිලී යාමෙන් අවලක්ෂණ පෙනුමක් ඇති කිරීමට පුළුවන. 
 
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු නොවී මෙම සැත්කම් සිදුකර ගත හොත් අසාමාන්‍ය ලෙස මේද කොටස් ඉවත් කිරීම නිසා ඉතාම අසමතුලිත සහ අවලක්ෂණ පියයුරුවක් ඇතිවිය හැකියි. 
 
 
 
ඔබ සඳහන් කළ පරිදි වෙනස් ශල්‍ය වෛද්‍යවරයකු විසින් සිදුකර අසාමාන්‍යතාවයක් ඇතිවූ පියයුරුවක් නැවත යථා තත්ත්වයට පත් කළ හැකිද ?
 
සත්‍ය වශයෙන්ම එය සාර්ථකව සිදුකළ හැකියි. මෙහිදී අසාමාන්‍ය ලෙස ඉවත් වූ පටක කොටස් මේදය එන්නත් කිරීම් මගින් යථා තත්ත්වයට පත්කර ගත හැකියි. එමෙන්ම ඉවත් කළ කොටස් වටා මේද චුෂණය මගින් ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් මෙයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකියි.

බෙහෙත් බීලා හොඳ කරගන්න ක්‍රමයක් නැද්ද ?

මෙම තත්ත්වය කිසිදු ඖෂධයකින් ප්‍රතිකාර කළ නොහැක. 

පියයුරු විශාල වූ පිරිමි දරුවකුගේ රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍ය වනවා නේද ?

මනාව වැඩුණු පුරුෂ ලිංගික අවයව ඇති සහ එහි ක්‍රියාකාරීත්වය මැනවින් පවතී නම් රුධිර පරීක්ෂණ කිරීම අනවශ්‍ය අතර රෝගියා පරික්ෂා කිරීමෙන් පසු රුධිර පරීක්ෂණ අවශ්‍ය නම් පමණක් සිදුකරනු ඇත.
 
මේද චුෂණය (Liposuction) මගින් යථා තත්ත්වයට ගත්  පියයුරක නැවත මේදය තැන්පත් වීම සිදු නොවේද ?
 
මෙය ඉතා කලාතුරකින් සිදුවිය හැකි. එහෙත් මේද චුෂණය කිරීමෙන් පසුව කෙනකු තමන්ගේ ශරීරයේ බර පාලනය කිරීම, ආහාර පාලනය කිරීම, ව්‍යායාම මගින් සිදුකළ යුතුයි.
 
මෙම සැත්කම සිදු කිරීමෙන් ඇතිවන අවදානම් තත්ත්ව මොනවාද ?
 
මේද චුෂණය බොහෝදුරට සිදුකරන්නේ ආරක්ෂා සහිතව පූර්ණ සිහි නැති කිරීමකින් පසුවයි. කෙසේ වෙතත් අවශ්‍ය නම් ස්ථානය නිර්වින්දනය මගින් වුවත් මෙම සැත්කම සිදු කළ හැකියි. එහෙත් බහුතරයක් රෝගීන් මෙම සැත්කම සිහිනැති කර සිදුකර කරනවාට කැමතිය. පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු මෙම සැත්කම සිදුකරන විට ඇතිවන අතුරු ආබාධ ඉතා අවමයි. 
 
මෙම සැත්කමෙන් පසුව පියයුරු යථා තත්ත්වයට පත් විමට කොපමණ කාලයක් ගතවේද ?
 
සාමාන්‍යයෙන් මෙම සැත්කම සිදුකර පළමු දින කීපය සාමාන්‍ය වේදනාවක් ඇතිවිය හැකි අතර එය සුළු වේදනා නාශක ඖෂධ මගින් මැනවින් පාලනය කළ හැක. මෙම තත්ත්වය කෙමෙන් නැතිවී සති තුනකින් පසුව වේදනාව සම්පූර්ණයෙන්ම නැති වී යයි. බොහෝ විට පළමු දින කීපයෙන් පසුව නැවත සාමාන්‍ය ලෙස වැඩ කටයුතුවල නියැලීමට පුළුවන. පළමු සති තුනක කාලය තුල ශරීරයේ උඩ කොටසට ඇඳුමක් තද වන ලෙස ඇඳීම ඉතා වැදගත්. 
මෙම එක්දින සැත්කමක් ලෙස ද සිදුකළ හැකි අතර රෝහලේ නැවතී සිටීමට අවශ්‍ය නොවේ.
 
පියයුරුවල විශාලත්වය වැඩි අවස්ථාවක මේද චුෂණය සිදුකිරීමෙන් පසුව සම එල්ලා වැටීමක් සිදුවිය හැකිද ?
 
සමහර පිරිමි ලමුන්ගෙ ඉතා විශාල ලෙස පියයුරු පිහිටා ඇති විට සම එල්ලා වැටීමේ අවදානමක් ඇත. නමුත් බොහෝදුරට සම සැත්කමකින් ඉවත් කිරීමට අවශ්‍ය නොවේ.  මේ සඳහා පසු සති තුනක් යනතුරු තදවන ලෙස ශරීරයේ උඩ කොටසට ඇඳුමක් ඇඳීමෙන් මෙම තත්වය බොහෝ දුරට පාලනය කළ හැකිය.
එසේම ව්‍යායාම මගින් උරස් ප්‍රදේශයේ මාංශ පේශී වර්ධනය කර ගතහොත් එල්ලා වැටෙන සම නොපෙනී යනු ඇත.
බොහෝවිට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් සුළු වශයෙන් එල්ලා වැටුණු සම ඉවත් කිරීම අනුමත නොකරයි. මෙම සැත්කම දැනට ලංකාවේ සාර්ථකව සිදුකරයි. 

ඔබේ ගැටළුව ඉහත විස්තර කර නැති නම්

අප වෙත යොමු කරන්න